
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩියේ සිට ඇලහැර බකමූණ ප්‍රදේශයට ගමන් කරමින් තිබු තිබූ වෑන් රියක් ආණමඩුව නගරය ආසන්යෙදි බොක්කුවකින් පහළට පෙරැළි යාමෙන් සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
පුත්තලමේ අසනිපව සිටි ඥාතියකු බැලිමට පැමිණි බකමූණ ප්‍රදේශයේ පිරිස රැගත් වෑන් රිය ආපසු බකමූණ බලා ගමන් කරමින් තිබියදි ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි ඩිමෝ බට්ටා ලොරි රථයක් වෙනත් වාහනයට ඉස්සර කරමින් ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදි වෑන් රථයේ 8 දෙනෙකු හා ඩිමෝ බට්ටා ලොරි රථයේ සිව් දෙනෙකු සිට ඇති බව කියයි.
කෙසේ වෙතත් අනතුරින් සිව් දෙනෙකු පමනක් සුළු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
පවතින සංචරණ නීති කඩකරමින් මෙම බකමූණ ප්‍රදේශයේ පිරිස පැමිණ ඇති බවට විමර්ශණ වලදි තහවුරු වි ඇති බවයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.