(සමන් පාලිත නානායක්කාර)
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ බදුල්ල දිස්ත්‍රික්කයේ අද (5) වන විට හදිසි ආපදා නිසා පවුල් 687 ක පුද්ගලයින් 2682 ක් බලපෑමට ලක්වී ඇතැයි බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මියයෑම් 4 ක් වාර්තා වන අතර නිවාස එකොළහකට පූර්ණ හානි ද සිදු වී ඇති බවත් අර්ධ හානි වූ නිවාස 534 සිදුවී ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාන 10ක් බලපෑමට ලක්වී තිබේ.
ආරක්ෂිත ස්ථාන 5 ක පවුල් 29ක පුද්ගලයින් 112 දෙනකු රඳවා ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.