( නිමල් ජයරත්න)
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් අධිකාරී මහතා අද ( 09) තේරී පත්විය.
අද පෙරවරුවේ පැවැති සභාවේදී මහජන නියෝජිත ඡන්ද විමසීමකින් අනතුරුව මෙලෙස නව සභාපතිවරයා තෝරා ගත්තේය.
උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එස් එම් ආර් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය සඳහා නිමල් අධිකාරී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී නුවන් සමරසිංහ යන මහත්වරුන්ගේද නම් යෝජනා වී තිබිණි.
එහිදී පැවැති විවෘත ඡන්ද විමසීමේදී නිමල් අධිකාරී මහතාට ඡන්ද 10 ක් ලැබී තිබුණු අතර නුවන් සමරසිංහ මහතාට ඡන්ද 05 ක් ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd