(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර සමාධි පිළිමය ආසන්නයේ පවත්වාගෙන ගිය පළතුරු වෙළඳසල අනුරාධපුර මහ නගර සභාවෙන් ඉවත් කිරිමට විරෝධය පළ කරමින් එම වෙළඳසල් හිමියා අඩි 50ක් පමණ උස පලු ගසක් උඩ අද(12) සිට උපවාසයක් අරඹා ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මාරාන්තික උපවාසයක නිරතව ඇත්තේ දේවානම්පියතිස්සපුර තිසාවැව යන ලිපිනයේ පදිංචි යටවර ගෙදර ටියුලින් දිසානායක(53) නමැති සත්දරු පියෙකි.
උපවාසයේ නිරතව සිටින පුද්ගලයා සහ තවත් පුද්ගලයන් දස දෙනකු කලක සිට සමාධි පිළිමය වැඩ සිටින උද්‍යානයේ වෙළඳසල් පවත්වා ගෙන ගොස් තිබු අතර පසුගියදා එම ස්ථානයේ නගර සභාව මගින් පොදු වැසිකිලියක් ඉදි කොට තිබුණි. මෙම හේතුව නිසා එම ස්ථානයෙන් මෙම වෙළද සැල් ඉවත්කර ගන්නා ලෙසට නගර සභාව විසින් කළ දැනුම් දිම මත අනෙකුත් වෙළඳසල් හිමියන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබුණි.
එහෙත් උපවාසයේ නිරතව සිටින මෙම පුද්ගලයාට වෙළදසලක් ඉදිකර ගැනිමට වෙනත් සුදුසු ස්ථානයක් නොමැතිකම නිසා තමන්ට වෙළඳාමට සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු උපවාසයක් අරඹා ඇත.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙළඳසල් ඉවත්කිරීමට එරෙහිව පලු ගසක් උඩ උපවාසයක්