IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


වැස්සෙන් ගාල්ලේ 1271 ක් පීඩාවට

(ජේ.කේ.එල් චාමින්ද)

අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 1271 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර මරණ දෙකක් වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය පවසයි.

මින් එක් අයෙකු මිය ගොස් ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී  රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ දී හිස මතට පොල්ගසක් කඩා වැටීමෙනි.  ඔහු ගාල්ල හපුගල වක්වැල්ලේ පදිංචි 41ක් හැවිරිදි පුද්ගලයෙකි.

අනික් පුද්ගලයා තම ගෙවත්තේ තද සුළඟට කඩා වැටුණු කොස්අත්තක තාප්පයට යටවූ කොටස ඉවත් කිරිමේ දී තාප්පය කඩා වැටී එයට යටවීමෙන්  ඔහු මියගොස්තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන ගාල්ල හින්පැන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ නිවාස 4 කට පුර්ණහානි වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 441කි.

විදුරඹ හා යක්කලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථාන දෙකකට ද හානි වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මින් වදුරඹ මාබොටුවන ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයක් ගිලා බැසිමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වෙළඳසැල් 3කට ද සුළු හානි වි  ඇති අතර මාර්ගවලට  ගස්කොළන් ඇද වැටීම නිසා අවහිර වි ඇති ස්ථාන වලින් ඇදවැටී ඇති ගස්කොළන් ඉවත්කර ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

විදුලි රැහැන් මතට ගස්කොළන් ඇදවැටීමෙන් ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබු අතර එවා යථා තත්වයට පත්කරමින් පවතී. මේ වනවිට ආපදා සහනසේවා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පෙන්වා දෙයි.



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ 1271 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 539 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site