(ජේ.කේ.එල් චාමින්ද)
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (19) සවස 2 පමණ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17ක, ග්‍රාම නිලධාරි වසම් 78කට අයත්, පවුල් 104ක සාමාජිකයින් 370 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
ඊයේ (18) සවස්වරුවේ ඇති වු අධික සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස හා වහල කිහිපයකට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඒ අනුව නාගොඩ, බෙන්තොට, යක්කලමුල්ල යන ප්‍රාදේශිය බල ප්‍රදේශවල නිවාස තුනක් හා තලාපිටිය, මිදරමුල්ල, මහමෝදර යන ප්‍රදේශවල විදුලි රැහැන් කඩා වැටීම් කිහිපයක් ද වාර්තා වේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයට ගසක් කඩා වැටී ඇත.
මේ වන විට ආපදා සහනසේවා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බව, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පෙන්වා දෙයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වැස්සෙන් ගාල්ලේ පවුල් 104 ක් පීඩාවට