IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වැස්සෙන් ඉගිණියාගල සමුද්‍රයට ජලය එකතුවෙයි

(වසන්ත චන්ද්‍රපාල සහ පියසේන වතුදුර)

පසුගිය දින කිහිපය තුළ ඉගිණියාගාල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශය තුළට ඇතිවූ වර්ෂාවෙන් සේනානායක සමුද්‍රයට අක්කර අඩි 14,500 ජල ප්‍රමාණයක්  එකතු වී ඇති බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.

පසුගිය නියං සමයේ ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 12,500 දක්වා පහළ බැස තිබූ අතර එය සේනානායක සමුද්‍රය ඉදිකිරිමෙන් පසුව වාර්තා වූ අවම අඩුවීම බව වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය අක් අඩි 770,000 ක් පමණ වන අතර පැවති නියඟය සමඟ අක්කර අඩි 757,500 ක් පමණ ජලය අඩුවීමෙන් පසුගිය කන්නයේ ද කුඹුරු වගා කිරීම අඩු කිරිමට වාරිමාර්ග නිලධාරින්ට සිදුවිය.

මේ හේතුවෙන් ජලාශයේ සිටි මසුන් මියගිය අතර ධීවර කර්මාන්තයේ යෙදුණු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්විය.

මෙවර මහා කන්නය වගා කිරිම සඳහා වැසි ජලයෙන් සිදු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් ගොවීන්ට උපදෙස් දී තිබේ.

දැනට ලැබුණු වර්ෂාව සමඟ සේනානායක සමුද්‍රයේ  ජල මට්ටම අක්කර අඩි 29,000 ක් පමණ වන අතර  ජල මට්ටමේ උස  අඩි 34කි. පවතින වර්ෂාව සමඟ සුළු වශයෙන් ජලය එකතු වෙමින් පවතින අතර පසුගිය එක දිනක  අක්කර අඩි 7000 ක පමණ ජල ධාරිතාවයක් ලැබී ඇත.

දැනට සේනානායක සමුද්‍රයෙන් ජලය නිකුත් කිරිමක් නොකරන අතර ගොවීන්  වැසි ජලයෙන් කුඹුරු කරමින් සිටින ආකාරය මේ දිනවල දැකීමට හැකිය.

ඉදිරියේදි ලැබෙන වැසි වලින් ඉගිණියාගල සේනානායක සමුද්‍රයට මෙයිට වඩා වැඩි ජල ප්‍රමාණයක් එකතු විය හැකි බවද අම්පාර වාර්මාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.



අදහස් (0)

වැස්සෙන් ඉගිණියාගල සමුද්‍රයට ජලය එකතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site