(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වවුනියාව සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.
වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගැනීමේ අධිකරණ නියෝග මත රඳවා සිටින, කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එම සැකකරු ත්‍රස්ත ක්‍රියාවක් හේතුවෙන් සැකපිට 2020 වසරේදී අත්අඩංගුවට පත් විය. එම සැකකරුවෙකුට කළ පී.සී.ආර්. පරික්ෂණයකදී ඔහු ආසාදිතයකු බව හෙළි වී ඇත.
සැකකරුට කොරෝනා වයිරසය ආසාදනය වූවේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුගේ ඥාතීන් බැලීමට ආ අවස්ථාවකදී හෝ තවත් ආසාදිත සැකකරුවෙකුගෙන් නැතිනම් පොලිස් නිලධාරියෙකු මාර්ගයෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීහු සැක පළ කර සිටිති.
මේ හේතුවෙන් වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් මෙන්ම සෙසු ත්‍රස්ත සැකකරුවන් ද නිරෝධායනය කර පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමට පියවර ගෙන ඇති බව වවුනියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
209
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවෙකුටත් කොරෝනා