(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලංකා තේ සඳහා ඇමෙරිකාව තුළ තිබෙන තත්ත්වය සහ තේ කර්මාන්තයේ අපනයන තත්ත්වයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (12) පැවැත්විණි.
බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර), 11 වන මහල පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව සිදු විය.
ශ්රී ලංකා තේ සඳහා ඇමෙරිකානු වෙළඳපල තුළ ඇති ඉඩකඩ පිළිබඳව සහ තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් පිළිබඳව ද අමාත්‍යවරයා සහ තනාපතිනිය අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කෙරිණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ඊ ලෑන්ඩ් රෙජිස්ටේෂන් වැඩසටහනට හා මාර්ග සංවර්ධනය ආදී යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකාවට පස් අවුරුදු ව්‍යාපෘතියකට ප්‍රදානයක් ලෙස මුල්‍ය පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බව ද තානාපතිනිය ප්‍රකාශ කළ අතර එහිදී නුවරඑළිය, මාතලේ හා ඌව පළාත් මාර්ග සංවර්ධනය සඳහා වැඩි වශයෙන් මුල්‍යාධාර ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා තනාපතිනියගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කළ අතර ලංකාවේ මාර්ගවල ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියකට අරමුදල් ලබා දීමට ද බලාපොරොත්තු වන බව ද ඇයි ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැවිලි කර්මාන්ත ඇමැති ඇමෙරිකා තානාපති අතර හමුවක්
විජිත් Sunday, 14 July 2019 05:21 AM
මේ මෝඩයින්ට මේකි නාස් ලණුව දානවා. මුන් ඒක කැමැත්තෙන්ම දමාගන්නවා. ලැජ්ජයි.