IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වෝලිබෝල් පිටිය දේවාලයට බාධාවක් බව කියමින් විරෝධයක්

(එස් .ඩී.කොඩිකාර )

දෙනියාය වත්ත ඉහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසල ඇති වොලිබෝල් ක්‍රීඩා පිටිය පූජා කටයුතුවලට බාධාවක් බව පවසමින් සහ එය වෙනත් තැනක ඉදිකර දෙන ලෙස පවසමින් වතු කම්කරුවෝ පිරිසක් අද (28) දෙනියායවත්ත ප්‍රධාන පිවිසුම ඉදිරි පිට  විරෝධතාවයක නියැලුණහ .

විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණය කළ ඔවුන් කියා සිටියේ මෙම ක්‍රීඩා පිටිය හේතුවෙන් ඔවුන්ගේ පූජා කටයුතුවලට මහත් බාධාවක් සිදු වන බවයි .

තව ද ඔවුන් පවසන්නේ මෙම පූජා භූමිය ආසන්නයේ ඇතැම් දිනවල මත්පැන් පානය කර හිස් බෝතල් සහ බීර ටින් ඇතුළු විවිධ දෑ පූජා භූමියට විසිකර දමන බවයි .

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සභාපති වූ එම් .සදාසිවම් පවසන්නේ ක්‍රීඩා පිටිය හෝ කෝවිල වෙනත් තැනක ස්ථාපිත කර දෙන ලෙසට ඉල්ලීම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ට මේ සම්බන්දව ලිඛිත ව දැනුම් දුන්නත් මේ වන තෙක් කිසිඳු විසඳුමක් නො ලැබී ඇති බවයි.

උද්ඝෝෂණය සිදු වන අතරතුර එම ස්ථානයට පැමිණි දෙනියාය වතුයාය සහකාර වතු අධිකාරිවරුන් සහ කොටපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ආනන්ද කුමාර මහතා ඇතුළු පිරිස පැමිණ උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කර අමාත්‍ය සාගල රත්නායක මහතා ලබන (30) දින හමුවී විසදුමක් ලබා දෙන බවට  පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.



අදහස් (0)

වෝලිබෝල් පිටිය දේවාලයට බාධාවක් බව කියමින් විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1747 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site