(බන්දු තඹවිට)
මතුගම වැලිපැන්න කටුවාලගොඩ කනිෂ්ඨ විදුහලේ සිසුන් 22 දෙදෙනෙක් ආසාත්මික තත්ත්වයක් නිසා වෑත්තැව රෝහලට ඇතුලත් කර ඇත.
වැලිපැන්න කටුවාලගොඩ කනිෂ්ඨ විදුහලේ 6 සහ 7 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ගැහැණු ළමුන් 12 දෙනෙකු සහ පිරිමි ළමුන් 10 දෙනෙකු ඇඟ කසා පලු දැමීම හේතුවෙන් මෙසේ රෝහල් ගත කර තිබේ.
මේ පිළිබඳව එම විදුහලේ විදුහල්පති එම්.එම්.මිත්‍රපාල මහතා මෙසේ පැවසීය.
මේ දිනවල අප විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් කටයුතු කරගෙන යමින් සිටිනවා.එම උත්සවයේ ආචාර පෙළපාලිය සඳහා සිසුන් පුහුණු කිරීම යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සිදුකරනු ලබනවා.
ඊයේ(15) උදැසන සිට එම ආචාර පෙලපාලියේ පුහුණු වීම සිදුකරමින් සිටින අතරතුර ළමුන් කිහිප දෙනෙක් තමන්ගේ ඇඟ කසන බව පැවසුවා.ටික වෙලාවකින් තවත් සිසුන් පිරිසක් ඇඟ කසන බව පැවසුවා.ඔවුන්ගේ ශරීරයේ කසන ස්ථාන වල පලු දමා තිබුණා.
පසුව අප ගිලන් රථ ගෙන්වා සිසුන්ව වෑත්තෑව රෝහලට පිටත් කළා.
සිසුන් ආචාර පෙළපාලියට පුහුණු වූ අවට කිසිම අපිරිසිදු තත්වයක් නැහැ.ඒ අවට ගස් කොළන් ඇත්තෙත් නැහැ.අප පාසලේ සිසුන් 138 ක් ඉගෙනුම ලබනවා.ඔවුන්ගෙන් සිසු සිසුවියන් 22 දෙදෙනෙකුට පමණයි මේ ආසාත්මික තත්ත්වයට මුහුණ දීමට සිදුවුනේ.මා මේ පිළිබඳව මතුගම කලාප කාර්යාලයටත් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් දැනුම්වත් කළා.
මෙම සිසුන්ගේ රෝගී තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබාදුන් බවත් වෑත්තෑව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිපැන්නේ සිසුන් 22 ක් රෝහලේ