(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහමග ගමන්ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා රන්මාල කොල්ලකෑමේ යෙදී සිටි, අධිකරණයෙන් වරෙන්තු 21ක් නියම වූ පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 80,000ක් වටිනා රන්මාල දෙකක්, හෙරොයින් ග්‍රෑම් 28ක්, සොරාගත් යතුරුපැදියක් සහ උල්පිහියක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
දිගයම ක්‍රීඩාංගණය අසළ අතුරු මාර්ගයක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී හෙරොයින් මත්කුඩු සොයාගෙන ඇත.
මත්කුඩු මිලදීගැනීම සඳහා මුදල් සෙවීම වෙනුවෙන් ඔවුන් රන්මාල කොල්ලකෑමේ ජාවාරමක යෙදුණු බව ප්‍රශ්නකිරීමේදී අනාවරණය වී ඇත.
ප්‍රධාන සැකකරු රන්මාල කොල්ලකෑමේ සිද්ධි 32කට දායක වී ඇති බවද, බලපිටිය, ගල්කිස්ස, කැස්බෑව, හෝමාගම, පානදුර සහ හොරණ යන අධිකරණවලින් අවස්ථා 21දී වරෙන්තු නියම කර ඇති බව අනාවරණය වී ඇත.
ඔවුන් සතුව තිබූ යතුරුපැදිය මීට මාසයකට පමණ පෙර මීගොඩ ප්‍රදේශයෙන් සොරාගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් කැස්බෑව අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වරෙන්තු 21ක් නියම වූ අයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට