IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


වියළි කාලගුණය හේතුවෙන් පුත්තලමේ ලුණු අස්වැන්න සරුවෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින වියළි කාලගුණ තත්වයට පුත්තලමේ ලුණු අස්වැන්න සරු වී ඇති බව පුත්තලම ලුණු සුභසාධක සංගමය කියයි.

පවතින වියළි කාලගුණය හමුවේ සරු ලුණු අස්වැන්නක් ලැබේමින් පැවතුනද මිල පහත වැටීම නිසා තමන්ගේ ආදායම ඉහළ යාමක් සිදුව නැති බව ලුණු වගාකරුවෝ පවසති.

ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු අස්වැන්නෙන්  35% කට ආසන්න ප්‍රමාණයක් පුත්තලම ලුණු කර්මාන්තකරුවෝ ලබාදෙති.

එසේම පුත්තලම ලුණු සඳහා ඉහළ වටිනාකමක් ද ලැබී තිබේ. ඒ නිසාම පුත්තලම ලුණු රට වටා සෑම තැනකම දැකිය හැකිය.

මෙවර ලුණු අස්වැන්න පිළිබඳව පුත්තලම ලුණු සුභසාධක සංගමයේ සභාපති ටි.එම් .අමීන් මහතා මෙසේ පැවැසීය.

“මෙවර පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ හොද ලුණු අස්වැන්නක් ලැබී තිබේනවා. නමුත් මිල බරපතල ලෙස පහත වැටීමෙන් අතට ලැබෙන මුදල වැඩි වෙලා නැහැ.

මොකද මේ වන විට කිලෝ 50 මිටියක් රුපියල් 250 දක්වා පහත වැටී තිබීම නිසා.මිටියකට රුපියල් 250 ක් දෙනවිට ඒ සඳහා යන අනිත් වියදම් සමඟ වගාකරුවන්ට ලාභයක් ඉතිරි වන්නේ නැහැ. වගාකරුවන් අතර වැඩි මුදලක් ලැබුණා නම් තමා ලාභයක් සහ ඉදිරියට රස්සාව කරගෙන යන්න අවස්ථාව තිබෙන්නේ යැයි ඔහු පවසයි.

මෙහිදී අදහස් දැක්වූ පුත්තලම ලුණු සුභ සාධක සංගමයේ ප්‍රධාන කළමණාකරු රස්ලියා කාදර් මහත්මිය පවසා සිටියේ මෙවැන්නකී.

“පසුගිය කාලයේ උතුරේ තිබුණ එලිපන්ට්පාස් වගේ රජයේ ලුණු කර්මාන්තය යුද්ධයෙන් කඩා වැටෙද්දී පුත්තලම රජයේ ලුණු කර්මාන්තය සහ පුද්ගලික අපේ කර්මාන්තයත් ලොකු ශක්තියක් වුණා රටට මොකද අපේ පුත්තලමේ වගේම සේගුවන්තිව් ලේවාවන් වල අක්කර 500ක් විතර තිබෙනවා. එයට අමතර කලපු ආශ්‍රීතව තවත් අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් ලුණු නිෂ්පාදනය කරනවා. එය විශාල දායකත්වයක්" යැයි ඇය පැවසුවාය.



අදහස් (0)

වියළි කාලගුණය හේතුවෙන් පුත්තලමේ ලුණු අස්වැන්න සරුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 537 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site