IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ව්‍යාපාරිකයාගේ පවුලම පැහැරගෙන දේපාපොළ ලියාගත්තැයි හයක් රිමාන්ඩ්

නිමන්ති රණසිංහ 
 
මහනුවර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු, බිරිඳ සහ ඔවුන්ගේ පස්මස් වියැති දරුවා බලෙන් පැහැරගෙන ගොස් දින තුනක් රඳවා තබාගෙන රුපියල් කෝටියක් පමණ වටිනා දේපොළ බලෙන් ලියාගත් බව කියන ව්‍යාපාරිකයින් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 

නිතීඥවරයකු හමුවී නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඉකුත් 02 වැනිදා කොළඹ අලූත්කඩේ ප්‍රදේශයට පැමිණි මෙම පිරිස එලෙස බලෙන් පැහැර ගෙන ගොස් ඇත්තේ මාලිගාවත්ත සහ අවට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් හය දෙනෙකු විසිනි.
 
පුද්ගලයින් දෙදෙනකු සහ කුඩා බිළිඳකු පැහැරගෙන ගොස් දින තුනක් රඳවා තබා ගෙන ඉඩමක් සහිත නිවසක්,   මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ විදුලි උපකරණ තොගයක් බලෙන් ලියා ගෙන ඇතැයි සදහන් කරමින් කෙසෙල්වත්ත පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (27) සවස අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කැරිණි.



අදහස් (1)

ව්‍යාපාරිකයාගේ පවුලම පැහැරගෙන දේපාපොළ ලියාගත්තැයි හයක් රිමාන්ඩ්

RANJITH Friday, 27 April 2018 02:09 PM

බලන්න දෙයක් නෑ ඔය මනුස්සයා ඔය ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ණයට අරගෙන හෝ ගෙවිය යුතු ගනුදෙනුවක් නොදී මගහරිනවා ඇති.

:       12       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site