IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වේයන්ගල්ල ගම්මානය හුදකලා කරන්නැයි ඉල්ලයි

(මංගල එදිරිසිංහ)
 
වේයන්ගල්ල ගම්මානය හුදකලා කර සංචරණ සීමාවන් පනවන්නැයි කළුතර දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රසාද් රංගන පෙරේරා මහතා පැවසීය.
 
බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු වාර්තාවී ඇතිබැවින් පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කළ බවද ඒ මහතා කීය.
 
බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයෙන් දිගින් දිගටම ආසාදිතයින් වාර්තා වීම හේතුකොටගෙන පසුගිය 04 වෙනිදින වේයන්ගල්ල ගම්මානයේ පුද්ගලයින් 07 දෙනෙකුගේ අහඹු පීසීආර් පරීක්‍ෂණසිදුකෙරිණි. එයින් එක්අයකු ආසාදිත බව තහවුරු වී ඇත. සැකසහිත පුද්ගලයින් 92 දෙනෙකුගේ පිසිආර් පරීක්‍ෂණ සිදුකර ඇති අතර එයින් 26 දෙනෙකු ආසාදිත බව තහවුරු වී ඇත. මේඅනුව වේයන්ගල්ල ගම්මානයෙන් හමුවු ආසාදිතයින් 27 දෙනාම කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරායොමුකිරීමට කටයුතු කරඇතිඅතර ඔවුන්ගේ ආශ‍්‍රිතයින් 60 දෙනෙකුගේ ජෛව සාම්පල් රැගෙන පිසිආර් පරීක්‍ෂණ ස`දහා යොමුකර   ඇතැයි බුලත්සිංහල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ඒ.සී. රණවක මහතා කීය.
 
වේයන්ගල්ල මුස්ලිම් ගම්මානය, බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයට සහ බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයට අයත්වුවද  එහි පිවිසුම පිහිටාඇත්තේ අගලවත්ත බල ප‍්‍රදේශයේ කැකුලන්ද හරහාය. මෙම තත්වය මත අගලවත්ත නගරයට ද යම් බලපෑමක් එල්ලවියහැකි බවද නගරවාසීහු පවසති.
 
වේයන්ගල්ල නැගෙනහිර සහ බටහිර ග‍්‍රාම නිලධාරී වසම් දෙකේ 3080ක පවුල් 31ක් මේවනවිට නිරෝධායනයට යොමුකර ඇත.



අදහස් (0)

වේයන්ගල්ල ගම්මානය හුදකලා කරන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site