(අමදෝරු අමරජීව)
රාජ්‍ය සේවා තරග විභාගයකදී වංචා කළේ යැයි චෝදනාව සම්බන්ධයෙන් ගුරුවරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක සේවය කරන ගුරුවරු දෙදෙනෙකු මෙසේ විභාග වංචා කර ඇතැයි නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වයි. එම්. සලිම් මහතා සඳහන් කරයි. මෙම සැකකාර ගුරුවරු 2017 වර්ෂයේ ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිට ඉන් සමත් වී පත්වීම් ලැබූවෝ වෙති.
නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට ඉල්ලුම් කර තිබූ අයදුම්කරුවන් දෙදෙනෙකු වෙනුවෙන් මොවුන් පෙනී සිට වංචනික ලෙස විභාගය ලියා ඇතැයි හෙතෙම පවසයි.
දිස්ත්‍රික් පදනම මත ශ්‍රී ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණිය සඳහා නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයට විවෘත තරග විභාගයකින් ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට මොවුන් පෙනී සිට ඇත.
පළාත් රාජ්‍ය සේවා කොමිසමට ලද නිර්නාමික පෙත්සමක් අනුව කළ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය වී තිබුණි.
අත් අකුරු පරීක්ෂාවකින් පසු විභාග අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කළ බවද ලේකම්වරයා කීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විභාග වංචා සම්බන්ධයෙන් ගුරුවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්