චමිල් රූපසිංහ
හාන්තාන හා ගලහ ප්‍රදේශයන්හි රක්ෂිත වලට හොර රහසේ ඇතුළුවී වන සතුන් දඩයම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු බෝර තුවක්කුවක් හා වායු රයිෆලයක් සමඟ මහකන්ද හිඳගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කැබ් රථයකින් ගමන් ගනිමින් සිටියදී විශේෂ බළකා නිලධාරීන් පිරිස එය නවතා පරීක්ෂා කිරීමේදී ගිනි අවි වලට අමතරව වල් ඌරු මස් කිලෝ 137 ක්,ජීව උණ්ඩ 16 ක් හා හිස් පතුරන් කොපු 04 ක් හා අධි බලැති විදුලි පන්දම් හතරක්ද එහි තිබී සොයා ගෙන ඇති අතර සැකකරුවන් වන සතුන් ඝාතනය කර ජාඇල ප්‍රදේශයේ අවන්හලකට අළෙවි කරන බවද පරික්ෂන වලදි තහවුරු වි ඇත.
ජාඇල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වන සතුන් ඝාතනය කිරීමෙන් පසු කැබ් රථයේ පසුපස සතුන්ගේ මස් අතුරා ඊට උඩින් ෆයිනස් දැව දමා ඒවා ජාඇළට ප්‍රවාහනය කර තිබෙන බව පොලීසිය පවසයි.
සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් ගිනි අවි,මස් තොගය හා කැබ් රථය විශේෂ කාර්ය බළකා නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය පොලීසියට බාරදී තිබේ.



2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1752
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන සත්ත්ව දඩයමේ ගිය දෙදෙනෙකු අත්අඩංගුවට
rohan Friday, 26 January 2018 12:38 AM
දවස් කිහිපයක් තිස්සේ හාන්තාන හා ගලහ රක්ෂිත ගිනි ගන්නවා. වන සතුන් දඩයම් කරන්නට මේ අය ගිනි තියන්න ඇති.