IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


වන අලියා වී මලු 11 ක් කා නිවස වනසයි

(නිශාන්ත කුමාර) 
 
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්පතගම ගම්මානයට අද (14) අලුයම කඩා වැදුණු වන අලියකු එහි නිවසක  බිත්ති තුනක් පෙරළා දමා නිවස තුළ තිබූ වී මලු 11 ක්  කා දමා නිවසට ද හානි කර ඇතැයි එම නිවෙස් හිමියෝ පවසති.

ගෙවත්තේ තිබූ  ගස්ලබු ගස්  ඇතුළු බව බෝග රැසක් ද කා දමා විනාශ කර ඇත.

අලි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවස තුළ කිසිවෙකුත් නොසිටි අතර නිවස හිමි පුද්ගලයා මළ ගෙදරක ගොස් අලුයම් කාලයේ නිවස වෙත එමින් සිටියදී  වන අලියකු සිය නිවසේ බිත්තිය පෙරළනු  දැක කෑගසා ඇති අතර වන අලියා ඔහුට ද පහරදීමට තැත් කර තිබේ.

මෙම වන අලියා ගම්මානයට නුදුරින් පිහිටි රන්දෙනිගල රක්ෂිතයේ සිට පතහගල රක්ෂිතය ඔස්සේ ගම්මානය වෙත එන්නට ඇතැයි  ගම්මු කියති.



අදහස් (0)

වන අලියා වී මලු 11 ක් කා නිවස වනසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site