( තිළිණි ද සිල්වා )
විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න, විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශ ජංගම කොන්සියුලර් සේවාවක් ලබන 17 සහ 19 දෙදින අනුරාධපුර සහ පුත්තලමේදී පැවැත්වේ.
කොළඹ සහ අදාළ දිස්ත‍්‍රික්කවල පිහිටි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පාර්ශ්ව සංවිධාන හා සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වන බව එහ අමාත්‍යාංශය කියා සිටී.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ උපදෙස් අනුව පවත්වන මෙම ජංගම සේවාව මඟින් අනුරාධපුර හා පුත්තලම දිස්ත‍්‍රික්කයන්හි ජනතාවට ලියකියැවිලි සහතික කිරීම, විදේශවල අතරමංවූ හෝ රඳවාගනු ලැබූ හෝ ලාංකිකයන්ගේ පවුල්වලට සහය ලබාගැනීම, විදේශවල සිදුවූ උපත් සහ මරණ ලියාපදිංචිය සහ වන්දි ලබා ගැනීම පිළිබඳ ගැටලූ සඳහා සහය ලබාගැනීම ඇතුළු කොන්සියුලර් සේවා රැුසක් ලබාගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
තවද, මෙම ජංගම සේවාවේදී විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධ කරගත හැකි දුරකථන අංක හා ලිපිනයන් මෙන්ම විදේශ රටවල ජීවත්වන හා සංචාරය කරන ලාංකිකයන්ට එම දූත මණ්ඩලවලින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරුද මහජනතාවට දැන ගතහැකි යැයිද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදේශ කටයුතු ජංගම සේවාව 17-19 අනුරාධපුරයේදී