(එම්.දසනායක )
මාරස්සන අප්පල්ලාගොඩ ප්‍රදේශයේදී අද( 5) ලොරි රථයකට විදුලි කණු පටවමින් සිටි සේවකයකුගේ හිසෙහි විදුලි කණුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ එම සේවකයා මාරස්සන රෝහලට ඇතුළත් කරන අතරතුර මියගොස් ඇතැයි පොලීිසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත විදුලි බල මණ්ඩලයට සේවය සපයන ආයතනයක සේවකයෙකු වන වත්තේගම ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න කුමාර ජයසේකර නැමති හතලිස්(40)හැවිරිදි දෙදරු පියෙකි
මියගිය සේවකයා තමන් සේවය කරන ආයතනයේ තවත් සේවක පිරිසක් සමග භාවිතයෙන් ඉවත් කරන ලද දැවමය විදුලි කණු ලොරි රථයට පටවමින් සිටින අතරතුර ලොරි රථයට පටවා තිබූ එක් විදුලි කණුවක් ලිස්සා විත් හිසෙහි වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ
ලොරි රථයට විදුලි කණු පැටවීමේදී ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි කණුවක් හිසේ ගැටී සේවකයා මරුට