IMG-LOGO

වදුරඹ පෙරපාසල් ළමුන් 35ක් නිරෝධායනයේ

(සිරිනිහාල් ගමගේ)                                                      

වදුරඹ කොකාවල ප්‍රදේශයේ 39 වියැති  කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඇයගේ දරුවා යන පෙර පාසලේ දරුවන් 35ක්‌, එම පවුල්වල අයවලුන් හා ගුරුවරියන් නිරෝධානයට ලක්‌ කර බවත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.     

මෙම කාන්තාවගේ පෙර පාසල් යන දරුවාගේ උපන්දිනයක් ඉකුත් දින පැවති අතර එවිට පෙර පාසලේ කේක් කපා ඒවා සැවොම අනුභව කර ඇත. එබැවින් හා මෙම දරුවා සමග අනෙකුත් දරුවන් සමීපව ඇසුරු කිරීම නිසා ඔවුන් නිරෝධනයට යොමු කර තිබේ. ආසාදිත කාන්තාවගේ දරුවා ප්‍රථමයෙන් පී සී ආර් පරීක්ෂණ සදහා යොමුකොට ඉන් ලැබෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරණ බැව් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.නවරත්න මහතා පැවසීය.                                                             

කොරෝනා ආසාධිත කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරණ අයකු බවත් එනමුදු ඔහු මාසයක කාලයක්‌  නිවාඩු ලබා නිවසට පැමිණ නැති බවත් සෞඛ්‍ය නිලධාරීහු පවසති.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පි. නවරත්න මහතා ප්‍රමුඛ නිලධාරීහු මෙම රාජකාරින් ඉටු කරමින් සිටිති.



අදහස් (0)

වදුරඹ පෙරපාසල් ළමුන් 35ක් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 654 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site