(දිලීප් ජයසේකර)
විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් මත් කුඩු ලබාගෙන ඒවා හම්බන්තොට ධීවරයින්ට විකිණීමේ ජාවාරමක නිතර වු සැකකරුවෙකු හම්බන්තොට ගබඩා හංදිය අසලදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට පරණ තංගල්ල පාර, සමගිපුර පදිංචි 32 හැවිරිදි තිදෙරු පියෙකි. සැකකරු අධික ලෙස හෙරොයින් මත් කුඩු සදහා ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඒ හේතුව නිසාම දරුවන්ද පියාගෙන් වෙන්ව ළමා නිවාසයක සිටින බවත් පොලිසීය පවසයි.
සැකකරු අද (28) පෙරවරුවේ හම්බන්තොට ධීවර වරායට අලෙවි කිරීම සදහා හෙරොයින් මත් කුඩු රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.
එහිදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට අඳුමක සගවාගෙන සිටි හෙරොයින් මත් කුඩු මිළි ග්‍රෑම් 495ක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ජවාරම සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේ පවතින නඩුවකට හා මංකොල්ල කැමක් සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට වරෙන්තු ලබා සිටින අයෙකු බවද පොලිසිය පවසයි.
සැකකරු පොලීසියට කට්ටි පනිමින් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර හෙරොයින් මිළදි ගැනිමට මුදල් නොමැති අවස්ථාවල දේපළ මංකොල්ලකැම් වලද නිරත වි තිබේ.
සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා හම්බන්තොට පොලීසියට බාර දි ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට