(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස්.හේරත්)
පිළිකා රෝගයකින් මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් අවසන් ගෞරව දැක්වීමට තැන්පත් සඳහා ඔහු වසර තුනක් නැවතී සිටි නිවසට ගෙන යාමට ඉඩ නොදීම නිසා රත්නපුර ලෙල්ලොපිටිය ප‍්‍රදේශයේ රබර් ඉඩමක ඉටි පන්දම් දල්වාගෙන සිටින බවට අද (28) රාත්‍රීයේ ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එහි යැවූ බව රත්නපුර පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පුංචි මාරිඅප්පන් නැමැති 70 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලිසියට ලද තොරතුරේ සඳහන් වෙයි.
මියගිය තැනැත්තාගේ පවුලේ අය ලෙල්ලොපිටිය හිරිලියැද්ද ප‍්‍රදේශයේ පෞද්ගලික තේ වත්තක පිහිටි නිවසක නැවතී වසර හයක කාලයක් තිස්සේ එම වත්තේ වැඩකරන ඇතැයි සඳහන් වෙයි.
මියගිය තැනැත්තා ද වසර තුනක කාලයක් එම නිවසේ ම නැවතී වත්තේ වැඩ කර ඇත. මාස කිහිපයකට පෙර ඔහු පිළිකා රෝගයකින් අසනීප වී රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝගියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට යවා තිබුණි. බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි මීට දින දෙකකට පමණ පෙර ඔහු මියගොස් ඇත. ඥාතීන්ට ඒ බව දැනගන්නට ලැබී ඇත්තේ අද (28) දිනයේ බවද සඳහන්වේ.
කෙසේ වෙතත් ඔවුන් නැවතී සිටි තේ වත්තේ අයිතිකරු දන්වා ඇත්තේ සිරුර වත්තට ගෙන එන්නේ නැතිව බදුල්ල මහ රෝහල මාර්ගයෙන් මිහිදන් කරන ලෙසය.
නමුත් ඥාතීන් අද සවස සිරුර ගෙනවිත් ඇති අතර ඒ අවස්ථාවේ වත්තේ හිමිකරු සිරුර සිය වත්තේ කම්කරු නිවාසයේ තැන්පත් කිරීමට විරෝධය පළකර තිබේ.
අයිතිකරුගේ විරෝධය නිසා එම තේ වත්තට යාබද පෞද්ගලික රබර් වත්තක සිරුර සහිත පෙට්ටිය ඉටි පන්දම් එළියෙන් තබාගෙන සිටින බවට ලද ආරංචියක් අනුව පොලිස් කණ්ඩායමක් එහි යැවූ බව රත්නපුර පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වතු සේවකයාගේ දේහය වත්තට ගෙනාවාට හාම්පුතාගේ විරෝධය
nisha Wednesday, 28 August 2019 10:53 PM
ඉඩමේ අයිතිකරු මියනොයන කෙනෙක්ද ?