IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වතුර නැතිව ගලේවෙල ගොවීන් අමාරුවේ

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල මැදබැද්ද, දැඹව ආදි ප්‍රදේශවල අහස් දියෙන් වගා කෙරෙන කුඹුරු සියල්ලම ජලය නොමැතිවීම නිසා විනාශ වී ගොස් තිබෙන බව ඒම ප්‍රදේශවල ගොවීහු පවසති.


මෙම ප්‍රදේශවල ගොවීන් සුපුරුදු පරිදි අහස් දියෙන් අක්කර දහස් ගණනාවක් දෙකන්නය වගා කරගෙන ජීවත් වන්නට හුරුපුරුදු වූ වෝ  වෙති.


එහෙත් කන්න තුනක කාලයක සිට මෙම ගොවීන්ද අහස් දිය නොමැතිවීම නිසා වි වගාව සම්පූර්ණයෙන් ම විනාශ වූ බව ගොවීහු පෙන්වා දෙති .මෙවරද වසරේ මුල් කාලයේ වැසි බිංදු මහ පොළොවට පතිත වීමත් සමග ණය වී  සිය ශ්‍රමය වගුරවමින් දරු පැටව්න්ට කැඳ උගුරක් බීමට හෝ ඔවුහු අහස බලාපොරොත්තුවෙන් හතරවෙනි කන්නටත් වගාව ආරම්භ කොට තිබිණි.


එහෙත් මෙම කන්නේද ගොවීන්ට සිදුව ඇත්තේ අහසින් ජලය නොමැතිවීම නිසා තම වී වගාව අතහැර දැමීමට ය. මේ වන විට කුඹුරු  මැරී ගොස් ඇති අතර මැරී ගිය කුඹුරු වල ඇති වී ඇට කිහිපය කැඳ බීමට හෝ ගොවීන් එකතු කරමින් සිටින අයුරු මේ දිනවල දැක ගැනීමට හැකියාව ලැබිණි.


මෙම විනාශ වී ඇති ගොයමේ වී ඇට  සොයමින් සිටින ගොවීන් අප සමග කියා සිටියේ මෙවර සිංහල අලුත් අවුරුද්ද සිහිනයක් ව පවතින බවත් තම ගම්මානවලට කොහා වෙනුවට කණකොකා හඬ ඇති බවය.එමෙන්ම නිසි ආකාරයෙන්  ගොවි වන්දි ක්‍රමයක් පොහොර සහනාධාරයක් හෝ රාජ්‍ය නිලධාරීන්ගේ නිසි අවධානයක් හෝ නොලැබීම නිසා තම ගොවි ජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටින බව ඔවුහු වැඩිදුරටත් පවසති.


දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර මහතා කියා සිටියේ දේශපාලන අධිකාරිය විසින් ගොවීන් ගේ ජීවිත බොල්  වෙන්නට හැර තිබීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බව ය.

 



අදහස් (0)

වතුර නැතිව ගලේවෙල ගොවීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31563 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13919 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11077 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 162 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1086 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site