( පාලිත ආරියවංශ )

පස්සර  දෙහිවිනනේගම පල්ලේගම ප්‍රදේශයේදී   ලොග්ගල්ඔයේ සැඩ දිය පහරට හසුව ගසාගෙන ගිය 68 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුර  මඩුගස්තලාව ප්‍රදේශයේ දී  අද (3) දා උදෑසන සොයාගත් බව පස්සර පොලිසිය  පවසයි .

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර පරාක්‍රමමාවතේ පදිංදිව සිටි මොහොමඩ් මොහොදීන් නිලාන් නැමත්තෙකි .

ඔහු පතල් ආරක්ෂා කිරීමේ මුරකරුවෙක් ලෙස කටයුතු කර ඇති අතර ලෝගගල්ඔයේ දියපහරකින් එගොඩවී පතල් තිබූස්ථානයට  යමින් සිටියදී  මෙසේ  හදිසියේ පැමිණි සැඩදියපහරට හසුව  ගසාගෙන ඇතිබව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි .

පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.