IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ලිහිසි තෙල් බැරලයට දමා පොල්තෙල් විකිණූ දෙදෙනෙකුට දඩ

(ක.ග. කරුණාරත්න)
 
ලිහිසි තෙල් අඩංගු හිස් බැරලයකට ආහාරයට ගන්නා පොල්තෙල් ඇසුරුම් කර, විකිණීමට බෙදාහැරි පොල් තෙල් මෝල් හිමියෙකුට සහ එම තෙල් බැරලයක් තබාගත් වෙළඳ ව්‍යාපාරිකයෙකුට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා අද (13) දඩ මුදලක් නියම කළේය.
 
රුපියල් 60,000 ක් පමණ වටිනා ලීටර් 210 ක් පමණ වන එම පොල් තෙල් තොගය විනාශ කරන ලෙසට ඒ වැටලීම කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අධිකරණයෙන් නියෝග කෙරිණි.
 
චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව මෙසේ දඩ නියම වූයේ ගිරිඋල්ල, නාරංගොඩ, අරුණපොල ප්‍රදේශයේ පොල්තෙල් මෝල් හිමි‍යෙකුට සහ පොළොන්නරුව, රෝහල හන්දිය පදිංචි වෙළෙඳ ව්‍යාපාරිකයෙකුටය.
 
පොළොන්නරුව නාගරික මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්.එම්.වී නුවන් රත්නායක, නවනගරය මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.බී නලින් චමින්ද යන මහත්වරුන් විසින් මේ වැටලීම කර අධිකරණයේ නඩු පවරන ලදී. 



අදහස් (0)

ලිහිසි තෙල් බැරලයට දමා පොල්තෙල් විකිණූ දෙදෙනෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32327 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14842 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site