(ක.ග කරුණාරත්න)
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි 9.15 ට පමණ ලොරි දෙකක් මුහුණට මුහුණලා ගැටීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් එක් ලොරියක රියැදුරකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි.
කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(28)අලුයම ඔහු මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හේරත් මුදියන්සේලාගේ චමින්ද කුමාර හේරත් (37) යන අයෙකි.
අනතුරින් තුවාල ලැබූ අනෙක් ලොරියේ රියදුරා ද ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
ත්‍රිකුණාමලයේ සිට සිමින්ති තොගයක් රැගත් ස්කැමල් වර්ගයේ විශාල ලොරියක් සහ හබරණ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ තවත් ලොරියක් මෙසේ එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු කියති.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1747
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරි රථ දෙකක් ගැටී අයෙක් මරුට