IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොරි රථයක් සොරකම් කළ අයෙකු පොලිස් දැලේ

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් නගරයේ ගාල් කර තිබූ කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු ලොරි රථය සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර  තිබූ බේකරි නිෂ්පාදන බෙදා හරින කුඩා ලොරි රථයක් අසලට අද උදෑසන 6.45 ට පමණ පැමිණෙන සැකකරු ප්‍රධාන මාර්ගය අභියස තිබෙන වෑන් රථයක දොරක් විවෘත කිරීමට උත්සහ කර එය අසාර්ථක වූ නිසා වෑන් රථයට ඉදිරියෙන් වූ කුඩා  ලොරි රථයේ දොර විවෘත කර  එය පන ගැන්වීමට උත්සහ කර ලොරි රථය පන ගැන්වීමට නොහැකි වූ නිසා සැකකරු විසින්ම ලොරි රථය තල්ලු කර පන ගන්වා ලොරි රථය හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගොස්  සඟවා ඇත.

ලොරි රථයේ හිමිකරුගෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් ලොරි රථය ගාල් කර තිබූ ස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරුව හඳුනාගෙන පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලොරි රථය සඟවා තිබූ ස්ථානය සොයා ගැනීමට පොලිස් නිලධාරින් සමත් වි ඇත.

සැකකරු හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු බවත් ඔහු 37 හැවිරිදි අයෙකු බවත් පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ලොරි රථයක් සොරකම් කළ අයෙකු පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32436 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14935 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9901 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 388 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site