IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් විහාරයේ 90 වසරක ශාසනික සේවාව පෙන්වයි

අනගාරික ධර්මපාල තුමන් විසින් විශාල පරිශ්‍රමයක් දරා 1926 දී ආරම්භ කොට අද වනවිට යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් එදා මෙදාතුර පිවිතුරු බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කරවීම උදෙසා සිදුකළ උදාර සේවාව පිළිබිඹු කරන ඡායාරුප ප්‍රදර්ශනයක් සෙනසුරාදා සවස විහාරස්ථ ධර්ම ශාලාවේදී විවෘත කෙරුණි. බ්‍රිතාන්‍ය රජයේ පළාත් සභා සහ ප්‍රජා කටයුතු පිළිබඳ ඇමැති නිකලස් බොර්න් සාමිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘර්ත කෙරුණ මෙම ප්‍රදර්ශනය ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන්, විහාරවාසී මහා සංඝරත්නය විහාර පාලන මඬුල්ල, දහම් පාසල් ගුරු දෙමාපියන්, සිසු සිසුවියන්, දායක කාරකාදීන්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මිලාගිරිය ශාන්ත පාවුළු, ගාල්ල මහින්ද සහ දෙවි බාලිකා යන පාසල්වල ආදි ශිෂ්‍ය ශාඛා ඇතුළු අනෙකුත් සැදැහැවතුන්ගේ සහයෝගිතාවයෙන් මෙම ප්‍රදර්ශනය සහ ලබන සෙනසුරාදා පැවැත්වෙන ප්‍රධාන දේශනයත්, පිරිත් පින්කමත් ඉරිදා හිල්දානමය පිංකමත් සංවිධානය කර ඇත.

ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා බොර්න් සාමිවරයා සමඟ බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.

ලබන 17 වැනි සෙනසුරාදා සවස 5ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් පසුගිය වසර 90 ක දීර්ඝ කාලය තුළ සිදුවූ සාශනික සේවාව අලලා විශේෂ දේශනය පවත්වන්නේ බ්‍රිතාන්‍යයේ සහකාර ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසිනි. එදින රාත්‍රී 7.30 සිට පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පසුවදා උදෑසන 7 ට පිංකම සඳහා වැඩම කරවනු ලබන මහා සංඝ රත්නය උදෙසා පිරිනැමෙන දානමය පින්කමක් ද පැවැත්වෙයි.

ඡායාරුප ප්‍රදර්ශනය දිනපතා සවස 7 සිට රාත්‍රී 9 දක්වා විවෘත වනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ සීලවිමල නාහිමියෝ මෙසේ පැවසුහ. "ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය වසර 90 ක් වැනි දීර්ඝ කාලයක් තුල නොනවත්වා පවත්වාගෙන යාම තුලින් යුරෝපයේ ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කරවීම උදෙසා සිදුකල උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතාම වැදගත් වෙයි. අනගාරික ධර්මපාල තුමන් විසින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ඉටුකළ අනුපමේය සේවාවන් අතර ලන්ඩන් නුවර ථෙරවාද බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කරමින් ධර්මදුත සේවාවක් හඳුන්වාදීමද ඉතාම වැදගත් පියවරක් බව මේ අවස්ථාවේදී එතුමන්ට පින්දෙමින් සිහිපත් කලයුතු වෙයි.

වර්ෂ 1926 දී බටහිර රටවල බුදුදහම පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුන කාලයක විශාල උත්සාහයක් දරා එතුමන් විසින් ආරම්භකළ මෙම විහාරස්ථානය අදවනවිට යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව තිබීම තුලින් එතුමන්ගේ සැදැහැවත් අභිප්‍රාය මල්ඵල ගැන්වී ඇතිබව පෙනීයයි.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ඉතිහාසය පෙන්වා දෙන මෙම ප්‍රදර්ශනය ඇතුළු පින්කම් සියල්ල සංවිධානය කිරීමෙහිදී නන් අයුරින් වෙහෙස මහන්සිවී කටයුතු කළ අත හිතදුන් සියලුම දෙනාටත් කොළඹ අනගාරික ධර්මපාල පදනමටත් පුණ්‍යාමෝදනා කරන්නෙමු" 

1[1] 2[1] 3[1] 14[1] 21[1] 22[1] 34[1]



අදහස් (0)

ලන්ඩන් විහාරයේ 90 වසරක ශාසනික සේවාව පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site