IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් විහාරයට අවුරුදු අනුවයි

පිවිතුරු බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වටිනාකම දුරදක්නා නුවණින් යුතුව දුටු අනගාරික ධර්මපාල තුමන් විසින් 1926 දී ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට මාසයේ දී වසර 90 ක් පිරෙයි.

ඒ නිමිතිකොට විහාරස්ථාන පරිශ්‍රයේ දී සතියක් පුරා ආගමික සහ සංස්කෘතික වැඩසටහන් පෙළක් පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියෝ පවසති.

මේ අනුව විහාරස්ථානයේ ආරම්භය සහ එමඟින් සිදුවුණු සේවාව පිළිබිඹු කෙරෙන ඡායාරුප, චිත්‍රපට, පොත්පත් සඟරා සහ අනෙකුත් ප්‍රකාශන ඇතුළත් ප්‍රදර්ශනයක් ලබන 10 වැනි දා සිට 15 වැනි දා දක්වා විහාරස්ථ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

විහාරස්ථානයේ දෛනිකය ආගමික සහ අධ්‍යාපන වැඩසටහන් වලට ඉඩ සලස්වමින් ප්‍රදර්ශනය සෑම දිනකම සවස 6.30 සිට රාත්‍රී 9 දක්වා විවෘත වනු ඇත.

දිනපතා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු බාරව කටයුතු කරන්නේ විහාරස්ථ කළමනාකරණ මණ්ඩලය, දායක කාරකාදීන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාසල් වල ආදී ශිෂ්‍ය ශාඛා සංවිධාන මඟිනි.

සෑම දිනකම සවස 6 ට බුද්ධ පුජාව පැවැත්වීමෙන් අනතුරුවල ප්‍රධාන අමුත්තා විසින් ප්‍රදර්ශනය විවෘත කිරීමත් විශේෂ දේශන සහ චිත්‍රපට දර්ශනත් පැවැත්වෙයි.

ලබන 17 වැනි දා සවස 5 ට බ්‍රිතාන්‍යයේ සහකාර ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පැවැත්වෙයි. 18 වැනි දා උදෑසන 7 ට මහා සංඝ රත්නය උදෙසා හිල්දානය පිරිනැමීම සහ අනගාරික ධර්මපාල තුමන් ඇතුළුව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දීර්ඝ ඉතිහාසය පුරාවට එහි වැඩකටයුතු සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාහට පින් පැමිණවීම සිදුකෙරෙයි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් පල කළ සීලවිමල නාහිමියෝ මෙසේ පැවසුහ.

වසර 90 කට පෙර බුදුදහම පිළිබඳව යුරෝපයේ එතරම් අවබෝධයක් තිබී නැති කාල වකවානුවක දුරදක්නා නුවණින් යුතුව අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භ කරන ලද ලන්ඩන් බෞද්ධ විහාරස්ථාන මඟින් එදා මෙදාතුර පිවිතුරු බුදු දහම බටහිර රටවල ප්‍රචලිත කරවීමත් බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය අවබෝධයෙන් යුතුව වටහා ගැනීම සඳහා උනන්දුවක් දක්වන යුරෝපීයයන් සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ ගුරුහරුකම් සැපයීමත්, යුරෝපයේ මෙන්ම විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරාලිමත් සඳහා අවශ්‍ය කටයුතු කිරීමත් වැනි ක්‍රියාදාමයන් තුළින් ඉටුකරනා සේවය අනුපමේය වෙයි.

මෙවන් දීර්ඝ කාලයක් තුල ධර්මදුත වැඩ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සුප්‍රකට බහුශ්‍රැත මහා සංඝයා වහන්සේ බොහෝ නමක් විහාරස්ථානාධිපති තනතුර හොබවමින් සහ නේවාසිකව වැඩ වාසය කරමින් ඉටුකළ අමිල සේවය මෙහිදී කෘතඥතා පුර්වකව සිහිපත් කරමු. ආරම්භයේ සිට මේ දක්වා විහාරස්ථානයේ සියලු වැඩ කටයුතු සඳහා නන් අයුරින් උපකාරීවූ පාලක මණ්ඩලයටත් සියලුම දායක කාරකාදීන්ටත් සෑම අවශ්යාතවකදිම නොමඳව සහාය ලබාදෙන කොළඹ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයටත් පුණ්‍යානුමොදනා කරමු. 

ප්‍රදර්ශනය විවෘත කරන්නේ බ්‍රිතාන්‍ය රජයේ ප්‍රජා සහ පළාත් පාලන ඇමැති නික් බොරන් සාමි වරයා විසිනි. එදින ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්වය සපයන්නේ විහාර සම්බන්ධිකරණ මණ්ඩලයයි. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය පිහිටි ඊලින් නඟර සභාවේ නගරාධිපති ආචාර්ය පැට්‍රික් වොර්කර් 11 වැනි ඉරිදා ප්‍රදාන අමුත්තා ලෙස සහභාගී වෙයි. ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ ගුරු මණ්ඩලය සහ දෙමාපියන් එදින වැඩකටයුතු සඳහා දායකත්වය සපයති. 12 වැනි සඳුදා ප්‍රදාන අමුත්තා වශයෙන් සහභාගී වන්නේ බකිංහැම්  මාලිගා කාර්ය මණ්ඩල ප්‍රධානි වයිස් අද්මිරාල් ඇන්තනි ජොන්ස්ටන් බාර්ට්ය. එදින දායකත්වය කොළඹ ආනන්ද සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් ශාඛා විසින් සපයනු ඇත. 14 වැනි බදාදා ප්‍රධාන අමුතා වන්නේ බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් යන සංවිධායක දායකත්වය නාලන්ද සහ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් ශාඛා විසින් දරනු ඇත. 15 වැනි බ්‍රහස්පතින්දා ප්‍රධානා අමුත්තා ලෙස සහභාගී වන්නේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සම්බන්ධිකරණ මණ්ඩලයේ පැට් ස්මිත්ය. එදින දායකත්වය සැපයෙන්නේ දෙවි බාලිකා විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගම් ශාඛාව විසිනි.



අදහස් (0)

ලන්ඩන් විහාරයට අවුරුදු අනුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site