ලන්ඩන් නුවර අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ ලන්ඩන් නුවර පැවැත්වෙන එකම එල්ලේ තරඟාවලිය මෙවරත් හීත්රෝ හාර්ලින්ඩන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. අතුල දස්සන විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසනාවෙන් පැවැත්වුණ එම තරඟාවලිය සඳහා හිලින්ග්ඩන් නගරාධිපති සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිරන්ජන් පතිරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
අතුල දස්සන විහාරස්ථානය මඟින් මුල්වරට එල්ලේ තරඟාවලියක් පවත්වන ලද්දේ 2012 වර්ෂයේදීය. එතැන් සිට මෙම තරඟාවලිය ලන්ඩන් නුවර පැවැත්වෙන ජනප්‍රිය ශ්‍රී ලාංකික සැණකෙළියක් බවට පත්ව ඇති අතර මේ දක්වා වාර්ෂිකව පැවැත්වීමටද හැකිවී ඇත.
මෙවර තරඟාවලියේ සංවිධායක කටයුතු භාරව ක්‍රියා කළේ ශ්‍රී ලංකා පොලිසියේ රග්බි ක්‍රීඩකයෙක් මෙන්ම තරඟ විනිශ්චයෙකරුවෙකු වූ බණ්ඩාර වෑකඩපොලය. තරඟාවලිය සඳහා කණ්ඩායම් හතක් සහභාගි වුහ. තියුණු තරඟයකින් පසුව ජය අත්කරගත්තේ "හවුන්ස්ලෝ ඕල් ස්ටාර්" කණ්ඩායමයි. "ලන්ඩන් ඊගල්" කණ්ඩායම දෙවැනි තැන දිනාගැනීමට සමත්විය.
දවස පුරාවටම පැවති සැණකෙළිය සඳහා සහභාගිවූ වැඩිහිටියන්හට මෙන්ම දරුවන්ටද විනෝදවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලන්ඩනයේ එල්ලේ තරඟාවලියක්