(සුදත් එච්. එම්. හේවා සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලෝක ග්ලූකෝමා සතිය නිමිති කරගෙන දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල විසින් සංවිධානය කරන ලද පාගමනක් අද(06) හැටන් නගරයේදි පැවැත්විණි.
දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලේ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ කලාසිවයෝගනාදන් මහත්මියගේ උපදෙස් මත එම රෝහලේ වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම පාගමනට එක්ව සිටියහ.
ග්ලූකෝමා රෝගය හේතුවෙන් අන්ධභාවය ඇති විය හැකි බවත් එම රෝගයෙන් මෙම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පාගමන සංවිධානය කළ බවත් වෛද්‍ය කලාසිවයෝගනාදන් මහත්මිය පැවසුවාය.
යම් අයකුට ඇස් පෙනීම සම්බන්ධව හෝ ග්ලූකෝමා රෝගය පිළිබඳව යම් සැකයක් පවතින්නේ නම් ඒ දික්ඔය රෝහලේ අක්ෂි සායනයට පැමිණ පරීක්ෂා කර ගැනීමට හැකි බවද එම මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
පාගමන අතරතුර ජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුහු අත් පත්‍රිකා බෙදාදුන්හ.



(ඡායාරූප - සුදත් එච්. එම්. හේවා)




(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
2025 නොවැම්බර් මස 04
838
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක ග්ලූකෝමා සතිය වෙනුවෙන් දික්ඔය වෛද්‍යවරු පාගමනක