(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව පොලිස් වසමේ මඩකලපුව නගරයේ නේවාසිකාගාරයක සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයන් සයදෙනෙකු ලක්ෂ හතකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය කියයි.
මඩකලපුව පොලිසිය විමර්ශන නිලධාරීන් ලද රහසිගත තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස වාලච්චේනයි, කල්මුනේආරයනපති, කල්ලාරු, සයින්දමරුදු,මඩකලපුව පුතුර් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
වැටලීමේදී එක් අයෙකු පලා ගිය බවත්, ඔහුගේ ජංගම දුරකථනය පොලිස් බාරයට ගත් බවත්, ඔහු පිළිබද පරීක්ෂණ කටයුතු කරන බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත පිරිස විමර්ශනවලින් පසු ඇපමත මුදාහැර ඇති අතර නීතිමය කටයුතු සදහා මඩකලපුව මහේස්ත්‍රාත් මාහධිකරණයේ නඩු පැවරූ බව මඩකලපුව පොලිසිය වැඩිදුරටත් පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 7ක මුදල් සමග සූදු කෙළියේ යෙදුණු 6ක් අල්ලයි
Sinhalaya Tuesday, 11 June 2019 06:47 AM
සිංහලයෙක් අහු උනානම් කුඩුවේ, එහෙම තමයි ඉන්න ඕනේ සන්හිදියාවට. කොච්චර කාලයක් නිතිය හරියට ක්‍රියාත්මක වේවිද. අනේ යහපලානේ.