(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු පානදුර ගාලුපාර මීගහකෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
එම සැකකාරිය සහ සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 337ක් හමු වූ බවද පොලිසිය කියයි.
මීට පෙර අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් වාද්දුව පදිංචි පුද්ගලයන්ගේ සගයන් යොදාගනිමින් උපක්‍රමශීලීව මත්කුඩු ජාවාරම කළ බවට පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සෙසු සැකකරුවන්ට ඉහළ ගෙවීමක් කර ඇතැයිද, දිවයිනේ සෑම ප්‍රදේශකම හෙරොයින් දැඩි හිගයක් පැවතීම හේතුවෙන් ඒ සදහා ඉහළ ඉල්ලුමක් ඇතැයිද, මත්කුඩු ග්‍රෑම් 1ක මිල තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු වාද්දුවේ පදිංචිකරුවකු බවත්, සෙසු සැකකරුවන් හා සැකකාරිය ගල්කිස්ස හා පිංවත්ත ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 6ක හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට