(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඉන්දියානු ජාතිකයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවක් රුපියල් ලක්ෂ 40 කට ආසන්න රන් භාණ්ඩ හා විදේශ මුදල් සොරාගෙන නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පැවසීය.
නිවසේ අල්මාරි වල දමා තිබූ රන් භාණ්ඩ හා මුදල් රැගෙන මෙහෙකාරිය පලාගොස් ඇති බවට එම ඉන්දීය ජාතිකයා ඉකුත් 31 වැනිදා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය දින පහක් වැනි කෙටි කාලයකදී සැකකාරිය සොරාගත් දේපල ද සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
සැකකාර මෙහෙකාරිය සොරාගෙන තිබූ රන් භාණ්ඩ සියල්ල රුපියල් ලක්ෂ 10 ක් වැනි අඩු මුදලකට බොරැල්ලේ ස්වර්ණාභරණ අලෙවි සැලකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සොරාගත් ඇමෙරිකානු ඩොලර් මුදල් මාරු කර ඇති බවත් තවත් ඩොලර් 300 ක් සැකකාරිය සන්තකයේ තිබීයදී සොයාගත් බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 40 ක රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට