IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 4ක මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වැටලීමකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කර පහරදීමට තැත් කළ පිළියන්දල මඩපාත නිවාඩු නිකේතනයක හිමිකරු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරක් වටිනා මත්පැන්  සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
 
පෝය  සහ අනෙකුත් දිනවලද බාධාවකින් තොරව මෙම ස්ථානයෙහි වැඩි මිලට මත්පැන් අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කළ බව පොලිසිය පවසයි.
 
එම ස්ථානයේ ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 102ක් සහ කෑන් 104ක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
මත්පැන් විකිණූ සේවකයා අත්අඩංගුවට ගෙන නිවාඩු නිකේතනය සෝදිසි කිරීමේදී එහි හිමිකරු පොලිස් නිලධාරීන්ට බාධා කරමින් පහරදීමට තැත් කළ බවද ඒ අනුව ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.



අදහස් (0)

ලක්ෂ 4ක මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32327 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14842 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site