IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලක්‍ෂ 3 ක රන්බඩු සොරා මොරවකදී අල්ලාගනී

(දෙනියාය විශේෂ එස් .ඩි.කොඩිකාර )

රුපියල් ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ හා මුදල් සොරකම් කළ සැකකරුවෙකු ඔහුට අයත් යතුරු පැදියකින් පලා යන අවස්ථාවේ පොලීසියට ලද තොරතුරක් මත මොරවක දංගල ප්‍රදේශයේදී අද (05) අත්අඩංගුවට  ගත්බව මොරවක පොලීසිය කියයි.

සැකකරු මොරවක දංගල ප්‍රදේශයේ පදිංචි (28) හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු වන අතර මොහු ඉකුත් සිංහල අවුරුද්ද දින (14) දංගල ප්‍රදේශයේ පාලු නිවසක වහලේ උළු ඉවත්කර නිවසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් රන් තැල්ලක්, වළලු හතරක්, රන් මුදුවක්, කරාබු ජෝඩු දෙකක්, කැටයක තිබූ  මුදල් රුපියල් එකොළොස් දහසක් සොරාගෙන ගොස් තිබූ බවත් සැකකරු පොලිසියට පාපෝච්චාරණය කර ඇත. පසුව එම භාණ්ඩ හා මුදල් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව මොරවක ප්‍රදේශයේ නිවෙස් සහ වෙළඳසල් කීපයකට ඇතුළු වී  ඒවායේ තිබූ මුදල් හා භාණ්ඩ සොරකම් කරගෙන ගොස්  තිබූ බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත්  ඒවා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් මොරවක පොලීසිය සඳහන් කරයි.

සිය යතුරු පැදියෙන් රාත්‍රී කාලයේ  විදුලි පහන්  ක්‍රියාවිරහිත කරගෙන ගොස් තනියම මෙම සොරකම් සිදුකර ගෙන ගොස් ඇති බවට අදාළ සැකකරු විසින් පොලිසියට පාපෝච්චාරණය කර ඇත.

මෙසේ සොරාගන්නා ලද භාණ්ඩ විවිධ ස්ථානවලට අලෙවි කර ඉන් ලබාගන්නා  මුදලින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය මෙම සැකකරු විසින් පානය කළ බවට පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවිය.

මොහු සම්බන්ධයෙන් පොලීසියට මේ වනවිටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත්, මේ වනවිට සොරකම් රැසක තොරතුරු අනාවරණය කරගෙන යන බවත් මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්ධු මහතා පැවසීය.

පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි  මෙම සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

ලක්‍ෂ 3 ක රන්බඩු සොරා මොරවකදී අල්ලාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site