
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලංකා වතු සේවා සංගමයේ සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව වහා තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් මස්කෙළිය-හැටන් ප්‍රධාන මාර්ගයේ, මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී අද (31) නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ.
විරෝධතා පුවරු අතැතිව මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ.
ලංකා වතු සේවා සංගමයේ සේවකයින්ට සේවා කාලවලදී තේ වතු කේෂත්‍රයේ සේවය නොකරන පිටස්තර පුද්ගලයින් විසින් සිදු කරන පහරදීම් වැඩිව ඇති නිසා ඔවුන් මෙම උද්ඝෝසණය සංවිධානය කර තිබිණි.
මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ ට්‍රැක්ටර් රියදුරෙකුට එම වතුයායේම පදිංචි පුද්ගලයෙකු විසින් (29) දා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ආසන්න හේතුවක් කර ගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව ලංකා වතු සේවා සංගමයේ විධායක කමිටු සාමාජික එස්. චන්ද්‍රමදන් මහතා මෙහිදීමාධ්‍යට පැවසීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.