
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රුපියල් මිලියන 8 වටිනා කේරළ ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800 ක් රැගෙන එමින් සිටි ධීවරයින් දෙදෙනකු මන්නාරම මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.
ඉන්දියානු මුහුදු සීමාවේ සිට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය ඉයේ (1) රාත්‍රි අත්අඩංගුවටගෙන තිබේ.
සැකකරුවන් පැමිණි ඩිංගි යාත්‍රාවේ මළු දෙකක් තුල කේරළ ගංජා පාර්සල 14 සඟවා තිබූ බවද නාවික හමුදාව සඳහන් කළේය.
සොයාගත් කේරළ ගංජා මන්නාම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රැගෙනවිත් ඇති බවට අනාවරණයවී ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
සැකකරුවන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි.
තලෙයිමන්නාරම පොලිසිය , නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.