IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


රිය අනතුරකින් සිව් දරු පියා මරුට

 ( හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)     

හලාවත  ආණමඩුව මාර්ගයේ පල්ලම සේරු කැලේ හංදියේ දි  වු අනතුරකින් බරපතල ලෙසින් තුවාල ලැබු සිව් දරු පියෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව  පල්ලම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ සිව් දරු පියෙකු වන පල්ලම සේරුකැලේ විසු විමල් දබරේරා ( 61) නමැති  අයෙකි.

මෙම පුද්ගලයා පාපැදියකින් සේරුකැලේ හංදියට පැමිණ නත්තලට දැල්වීම පිණිස රතිඤ්ඤා පැකැට්ටුවක් සමග විදුලි පන්දමක් ද මිළ දි ගෙන ආපසු නිවසට යද්දි මෙම අනතුර සිදු වී තිබේ.

මෙම අනතුර අසල සවි කර තිබු  සි සි ටී වී දසුන් වලින් බැලු විට පලා ගිය වැන් රථය හදුනා ගෙන ඇති අතර එය අත් අඩංගුවට පියවර ගෙන ඇති බවත් පොලිසිය කියයි.

ආණමඩුව වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි අබේරත්න මහතාගේ උපදෙස් මත රථවාහන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.ඩබ්ලිව්.කේ.හේරත් මහතා ඇතුළු නිලධාරින් පරික්ෂණ සිදු කරති.



අදහස් (0)

රිය අනතුරකින් සිව් දරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 142 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 363 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site