IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මරුට

(ඩබ්ලිව්.ඒ. අසේල)

 

දෙහිඅත්තකණ්ඩිය අරලංගවිල මාර්ගයේ බිහිරි සොරොව්ව ප්‍රදේශයේදී අද (7)  සිදුවූ රිය අනතුරකින් අම්පාර මූලස්ථාන පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන දොන් නීල් උපේන්ද්‍ර කලුආරච්චි නැමැති පුද්ගලයෙකි.

මහනුවර ගලහ ප්‍රදේශයේ පදිංචි  ඔහු නිවාඩු අවසන් කර අද දින නැවත සේවයට වාර්තා කිරීමට අම්පාර ප්‍රදේශයට තම වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී බිහිරි සොරොව්ව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල වූ ඇලට වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට බැදී සේවය ආරම්භ කල මෙම නිලධාරියා දිවයිනේ පොලීසි කිහිපයක සේවය කර ඇති අතර කලක් ගලහ පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන්ද සේවය කර තිබේ.

ගලහ පුෂ්පදාන විද්‍යාලය ගලහ භද්‍රවතී විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විදුහලේ කැපී පෙනුන ශිෂ්‍යයකු වූ මොහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකුද වේ.

මියයන විට වයස අවුරුදු 43 පසුවූ මොහු දියණියන් තිදෙනෙකුගේ  පියෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.



අදහස් (0)

රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site