IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


"රස" සාහිත්‍ය කලා මංගල්‍යයක් ලන්ඩනයේ

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාහිත්‍ය මාසයට සමගාමීව ලන්ඩන් නුවරදී "රස" නමින් සාහිත්‍ය කලා මංගල්‍යයක් පැවැත්වීමට ලන්ඩනයේ  අලුතෙන් ආරම්භ කර ඇති "බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය" කටයුතු සුදානම් කර ඇත. සැප්තැම්බර්  25 වැනි දා සවස එකේ සිට පහ දක්වා උතුරු ලන්ඩනයේ කිංග්ස්බරි උසස් විද්‍යාලීය ශාලාවේදී පැවැත්වෙන මෙම කලා උළෙල ඔවුන්ගේ ආරම්භක වැඩසටහන ද වෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානයේ චන්දන ගුණසේකර මෙසේ කියයි.  " කලාවට සහ සොබාදහමට ආදරය කරන්නා තම මව හඳුනන්නේය. දිවියේ සැබෑ රස හඳුනන්නේය. නිකමට හුස්ම හා නාඩි වැටෙන නිසා ජීවත් වනවාට වඩා දිවිය විඳිමින් ජීවත් වන්නේය.

අප තනි තනිවම විඳි, කුඩා කල පටන්ම අපගේ රුධිරයට මුහුවී ඇති මේ සියලු රස භාවයන් තව දුරටත් තම තමන්ගේ මනෝ ලෝකවල ගුලිවී හුදෙකලා වී විඳ ගත යුතු නැත. අලුත් රසයක පහස අවැසි බැව් ඔබට දැනී නැතිද? රසයෙන් පරිනත විය යුතු බව හා තවත් අලුතින් දෙයක් දිවියට එකතු කරගත යුතු බව දැනී නැතිද?  අපට නම් එසේ සිතී ඇති වාර අනන්තය. අප්‍රමාණය. එහි ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය බිහිවීමයි.

මේ සාහිත්‍ය මාසයේ දී එහි කූටප්‍රාප්තිය ලෙස ඉදිරිපත් කරන මහා කලා මංගල්‍යයයි " රස". මන්ද කලාව ඇඟේ පත්තියන් වූ සහෘදයාට කලා රසයක සුවඳ ගව් දහස් ගණනක් ඈතට වුවද මලක සුවඳ බඹරකුට දැනෙනවා සේ දැනෙන බැවිනි. ඒ දිනය දැන් වැඩි ඈතක නොවේ. එනම් සැප්තැම්බර්  25 වැනි දා සවස 1 සිට 5 දක්වා අප හා එක්වන්නට පැමිණෙන්න රොද බඳින්න. රස විඳගන්න.

මෙම සුවිශේෂී කලා උළෙලේදී බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකාවට සම්බන්ධ කලාකාමී කටයුතු වල නිරතවෙමින් සමාජ සේවයෙහි යෙදෙන කලාකරුවන් හතර දෙනෙකුට සම්මාන පිරිනැමීම ද සිදුකෙරෙනු ඇත. මෙම කලා මංගල්‍යයේ  ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්ත හේරත් විසිනි.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකියා කලා සංසදයේ අනුශාසක කොන්වැවේ අරියරතන හිමි සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මෙහිදී විශේෂ දේශන පවත්වනු ඇත. උළෙලට සමගාමීව පවත්වන ගද්‍ය, පද්‍ය , ගේය පද, ඡායාරූප හා චිත්‍ර තරඟයේ නිර්මාණ භාර ගන්නා අවසාන දිනය අධික ඉල්ලීම් මත සැප්තැම්බර් 20 වැනි දා දක්වා දීර්ඝ කර ඇත. එම තරඟ වලින් ජයගන්නා සියල්ලටම එදින ත්‍යාග සහ සහතික පත් පිළිගන්වන අතර එම කෘතීන් සියල්ල ඇතුලත් ප්‍රදර්ශනයක්ද පැවැත්වෙයි. මෙයට අමතරව පොත් පත් ප්‍රදර්ශනයක් සහ සල්පිලක්ද සංවිධානය කර ඇත.

KALA-SANGAMAYA RASA-1 RASA-2 RASA-KALA2



අදහස් (0)

"රස" සාහිත්‍ය කලා මංගල්‍යයක් ලන්ඩනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site