IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


රිය අනතුර කළ රථය පළා යයි - යතුරුපැදිකරු මරුට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ නිශ්ශංක හන්දිය ප්‍රදේශයේදී  ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් අනතුරට ලක්කරමින් කිසියම් වාහනයක් පළා ගොස් තිබෙන බවත් යතුරුපැදිකරු අනතුරෙන් මියගොස් ඇති බවත් දඹුල්ල පොලීසිය කියයි.
 
මියගොස් ඇත්තේ දඹුල්ල නිස්සංක  හංදිය ප්‍රදේශයේම පදිංචි එම්. ඩබ්ලිව්. ලලිත් කුමාර (48) නමැති දෙදරු පියෙකි.
 
ඊයේ (08) රාත්‍රියේ මාතලේ දෙසින් යතුරුපැදිය දඹුල්ල නගරය දෙසට ධාවනය කර තිබෙන බවත් දඹුල්ල දෙසින් මාතලේ දෙසට ධාවනය වූ වාහනයක ගැටීමෙන් මීටර් සියයක් පමණ දුරක් යතුරුපැදිය ඇදී ගොස් ඇති බවත්, පරීක්ෂණවලදී හෙළි වී යැයි දඹුල්ල පොලිසිය කියයි. 
 
 තුවාල ලැබූ යතුරුපැදිකරුව ප්‍රදේශවාසීන් දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.
 
අනතුරට පත් කළ වාහනය හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඒ සදහා අවට ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කරන බවත් දඹුල්ල පොලීසිය කියයි.
 
දඹුල්ල මුලස්ථාන පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

රිය අනතුර කළ රථය පළා යයි - යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32368 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14876 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site