(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල හත්තිනිය ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු මිය ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මාරවිල හත්තිනිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන 65 හැවිරිදි සුනිල් ආනන්ද නැමැත්තෙකි.
එම තැනැත්තා, තම බිරිඳ සහ දියණිය සමඟ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී කන්ටේනර් රථය ත්‍රිරෝද රථයේ ගැටි ඇති බව පොලිසිය කියයි.
අනතුරින් ත්‍රි රෝද රථයේ ගමන් කළ කාන්තාව තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ දියණියට කිසිදු අනතුරක් සිදුව නැත.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබු අතර මාරවිල පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රිය අනතුරින් ත්‍රි රෝද රථ රියදුරකු මරුට