(දයාරත්න ඇඹෝගම)
මරදන්කඩවල මාර්ගයේ හිනුක්කිරියාව වංගුව අසළදී විශ්‍රාමික හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත් කරමින් පුද්ගලයන් පස්දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් පලාගිය කැබ්රථයේ රියදුරා අද(19) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනුක්කිරියාව ප්‍රදේශයේ පදිංචි මාර්ග ඉදිකිරීම් ආයතනයක සේවය කරන රියදුරෙකි. 38 හැවිරිදි අයෙකි.
මරදන්කඩවල සිට හිනුක්කිරියාව දෙසට ඊයේ(18) යතුරු පැදියකින් ගමන්ගනිමින් සිටි අඹුසැමි යුවලක් හිනුක්කිරියාව වංගුව අසලදි යතුරු පැදිය මාර්ගය අයිනේ නවතා පුද්ගලයෙකු සමග කතා කරමින් සිටි අවස්ථාවේදි ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කැබ් රථය යතුරු පැදියේ ගැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබු අඹුසැමි යුවළ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැමියා එදිනම මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ හිනුක්කිරියාව, ගනේවල්පොල පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙකු වන හීංබණ්ඩාගේ රංජිත් ධර්මකීර්ති(46) නැමැත්තෙකි.
සිද්ධියෙන් කැබ් රථයේ සිටි පුද්ගලයන් සිවුදෙනෙකුද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් පසුව කැබ් රථයේ රියදුරා පලා ගොස් තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරක් කර පලාගිය කැබ් රියදුරු අත්අඩංගුවට