(හැටන් රංජිත් රාජපක්ෂ)
ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
අද (15) උදෑසන 9.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේදීය.
මිගමුවේ සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට ගිනිගත්හේන සිට ගිනිගත්හේන රංජුරාව දෙසට ධාවනය වූ යතුරුපැදිය ගැටි යතුරුපැදිකරු බස් රථයේ පසුපස රෝදයට යට වි බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය රෝහල වෙත රැගෙන යනවිට ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන අඹගමුව උඩුබුලත්ගම පදිංචි සඳුන් මදුරංග නැමති 23 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය සඳහන් කරයි.
බස්රථයේ රියදුරා සැකපිට ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට