IMG-LOGO

රූමස්සල කොරල්පර අතර සිරවී ඇති නැවෙන් පරිසරයට හානි

(ඩී.ජී.සුගතපාල)
මාස හතරකට අධික කාලයක් තිස්සේ රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවි තිබෙන නැව මෙතෙක් ඉවත් නොකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ල කර තිබේ.

ගාල්ල සිමෙන්ති සමාගමට ක්ලින්කර් ගෙනැවිත් ගොඩබා  පිටත වරායේ නැගුරම්ලා තිබු ඉන්දියානු සමාගමකට අයත් “ශ්‍රි ලංකා ග්ලෝරි“ නමැති මෙම නැව පසුගිය ජූලි මාසයේ 18 වැනි දින  හමාගිය තද සුළඟින් නැගුංරම්ද කඩාගෙන ගොස් රූමස්සල කඳු පාමුල කොරල්පරවල  සිර වී   තිබු  අතර එහි සිටි නාවිකයින් නව දෙනා බේරාගත්තේය.

නැවේ තිබු තෙල් විසිරිමකින් පරිසර හානි ඇති විමට ඉඩ තිබු නිසා සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධික්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් ශානිකා මෙරයින් නමැති සමාගම විසින්   ඉවත් කරගෙන එම සමාගමට අයත් පුත්තලම පිරිපහදුව වෙත ගෙන ගියේය.

 එහෙත් නැව සිරවී  තිබෙන ස්ථානයෙන් යළි  මුහුදට යාත්‍රා කිරිමට නොහැකිවි තිබෙන අතර මාස හතරකට අධික කාලයක් තිස්සේ එම ස්ථානයේම ඇත. නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයේ තිබෙන අතර බාහිර කිසිම පුද්ගලයෙකුට නැවට ඇතුවිමද තහනම් කර  තැබුණද රාත්‍රි කාලයේ  හොරෙන් ඇතුළු වන ඇතැම් පිරිස් නැවේ කොටස් ගලවාගෙන රැගෙන යන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මේ සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්විමේ අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ රේණුකා රණවීර මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ නැව කපා ඉවත් කිරිමට තම ආයතනයේද වනජීවි දෙපාර්තමේන්තුවේද  නිර්දේශ ලබා දි ඇති බවය.

 මේ පිළිබඳව නැව අයත් සමාගමේ නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ .මේ වනවිට නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයේ තිබෙන අතර රක්ෂණ සමාගම් පැමිණ පරික්ෂා කිරිමෙන් පසු දෙනු ලබන උපදෙස්  අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගනු ලබන බවයි.



අදහස් (0)

රූමස්සල කොරල්පර අතර සිරවී ඇති නැවෙන් පරිසරයට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1937 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site