IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රන් මාලයක් සොරා ගත් හමුදා සෙබළා අත්අඩංගුවට


 
අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
 
නිවසකට ඇතුලූවී නිවැසියන් බියවද්දා  රන් මාලයක් කොල්ලකන ලද බවට සැකපිට යුද හමුදා සෙබළෙක් අද (14) අලූයම අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන යුද හමුදා කාර්මික සෙබළෙකි. ඔහු ඇඹිලිපිටිය කොළඹගෙආරේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පදිංචි කොළඹගෙආර නිවසේ දී බවද පොලීසිය කියයි. 

පසුගිය වැනි දා (11) සැකකරු මෙම කොල්ලය සිදුකර ඇත. 

නිවැසියන් විසින් සැකකරු හඳුනා ගන්නා ලදී. කොල්ලකන ලද රන් මාලයේ වටිනාකම කොතෙක්දැයි පැමිණිල්ලේ සඳහන් නොවන බවද පොලීසිය කියයි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

රන් මාලයක් සොරා ගත් හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site