(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
වෙනත් පුද්ගලයකුගේ රන් අත් පළඳනාවක් මූල්‍ය අයතනයකට උකස් කර මුදල් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණියක අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් පසු අද (26) නිදහස් කිරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරැණියක මෙලෙස නිදහස් කෙරිණි.
අලුත්නුවර ප්‍රදේශයේ තරුණයකුගේ රන් අත් පළඳනාවක් මාර්ගයක වැටී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එහි හිමිකරු බලන්ගොඩ පොලිසියට ඉකුත් 18 දා පැමිණිලි කර තිබිණි. මේ අතර, රන් පළඳනාව වැටී තිබියදී තරුණියක එය ඇහිදගන්නා අයුරු තවත් පුද්ගලයකු දැක මෙම තරුණයාට දන්වා ඇති අතර, ඔහු කළ පැමිණිල්ලේ එයද සටහන් වී තිබිණි.
මෙම තරුණිය එම අත් පළදනාව බලන්ගොඩ නගරයේ ඇති පෞද්ගලික මූල්‍ය ආයතනයකට උකස් කර මුදල් ලබාගෙන තිබුණි.
පොලිසිය කළ විමර්ශනයේදී සැකකාර තරුණිය ඉකුත් (24) දා සවස බලන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
අධිකරණ නියෝගයක් මත ඇය උකස් කර තිබු රන් අත් පළඳනාව මුදල් ගෙවා අධිකරණයේදි හිමිකරුට භාරදීමට කටයුතු කළාය. එම සිද්ධිය සමථයකට පත් කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රන් අත් පළඳනාවක් සාවද්‍ය පරිහරණය කළ තරුණිය නිදහස්