IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රන්මාලි අනුරුවක් ලන්ඩනයේ

යුරෝපයේ ප්‍රමුඛ ථෙරවාද බෞද්ධ විහාරස්ථානය ලෙසින් අභිනවයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇති බර්මින්හැම් මහාවිහාරයේ නව ගොඩනැඟිලි අරමුදල සඳහා බරපැන උපයාගැනීමේ අරමුණෙන් විශේෂ ආධාර පත්‍රයක් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගියදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකික බෞද්ධ වාස්තු විද්‍යාත්මක හැඩතල පිළිබිඹුවන අන්දමට අලුතෙන් ඉදිකෙරෙන විහාර මන්දිරයේ ප්‍රධාන අංගයක් ලෙස අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ දැවැන්ත අනුරුවක් ඉදිකෙරෙයි. ශ්‍රී ලාංකික විහාරස්ථානයක සැලැස්ම විදහා දැක්වෙන විහාර මන්දිරයක් බ්‍රිතාන්‍යයේ ඉදිවෙන පළමුවන අවස්ථාව මෙයයි.

ආධාර පත්‍රය හඳුන්වාදීමේ උත්සවය සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි, බර්මින්හැම් මහා විහාරාධිපති, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංඝ සභාවේ උප සභාපති ඕබීඊ නාමධාරී ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය, වැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් සුගීශ්වර ගුණරත්න, තානාපති නිලධාරින් වන නිරන්ජන් පතිරත්න, මනෝජ් වර්ණපාල, බර්මින්හැම් මහාවිහාර පාලක  මණ්ඩලයේ ලේකම්  යාන් ලව්ලොක්, ඈන් ලව්ලෝක් සහ හිරන්ත කළුආරච්චි ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ  සභාපති සහ බර්මින්හැම් මහාවිහාර පාලන මණ්ඩල සාමාජික ජනක අලහප්පෙරුම සහ බර්මින්හැම් මහාවිහාර පාලක  මණ්ඩලයේ ලේකම්  යාන් ලව්ලොක් පැමිණ සිටි පිරිස පිළිගනිමින් ආධාර එකතු කිරීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම  පිළිබඳ විස්තර කරමින් කතා කළහ.

විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියෝ අනුශාසනාව පවත්වමින් බර්මින්හැම් මහාවිහාරයේ කටයුතු සඳහා නිරන්තරයෙන් සහභාගි වන අතහිත දෙන සියලුම දෙනාට පුන්‍යානුමොදනා කළහ. බ්‍රිතාන්‍යයේ දෙවන ප්‍රධාන නඟරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර පිහිටි ප්‍රධානතම ථෙරවාද බෞද්ධ විහාරය වඩාත් ඉඩ පහසුකම් ඇතිව නවීකරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විස්තර කළ උන්වහන්සේ ඒ සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් පටන්ගන්නා ලද වැඩපිළිවෙලෙහි සමාරම්භය පැවැත්වීම සඳහා පහසුකම් සපයාදීම පිළිබඳව වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ගොඩනැඟිලි කටයුතු කරගෙන යාම සඳහා මුල්‍යමය ආධාර සැපයීම ඇතුළු සෑම අයුරකින්ම සහාය වන සැමටත් උත්සවය සඳහා සහභාගි වූ මහා සංඝරත්නය ඇතුළු සියලුම දෙනාටත් ස්තුතිය පුද කළහ.



අදහස් (0)

රන්මාලි අනුරුවක් ලන්ඩනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 556 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site